Original caption
මෑතකදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතාබහට ලක්වෙමින් ජනප්‍රියත්වයට පත් ‘යක්ෂ රාජ වජිරපාණි’ නම් ආන්දෝලනාත්මක පද්‍ය නිර්මාණය සම්බන්ධයෙන් එහි රචක හිමියන් විසින් විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා. දැනට සමාජගතව ඇත්තේ එම සමස්ත නිර්මාණ ව්‍යාපෘතියේ එක් අදියරක් පමණක් බවත්, ඉදිරියේදී එහි තවත් ප්‍රබල කොටස් පහක් එළිදැක්වීමට සැලසුම් කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කරති.News mania යූටියුබ් නාලිකාවක පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම කරුණු අනාවරණය කළහ. එම නිර්මාණය බිහිවීමේ පසුබිම පැහැදිලි කළ උන්වහන්සේ, බන්ධනාගාරගතව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමෙන් සරසා අධිකරණය වෙත රැගෙන ඒමේ සිදුවීම දැකීමෙන් මහත් සංවේගයට පත් වූ බව පැවසූහ. ඉන් අනතුරුව රට, ජාතිය සහ ශාසනය පිළිබඳ හැඟීමක් ඇති පිරිසක් සමඟ පැවති දීර්ඝ කතිකාවක ප්‍රතිඵලයක් ලෙස එම හැඟීම් පාදක කරගනිමින් මෙම පද්‍ය පංතිය රචනා වූ බව උන්වහන්සේ පෙන්වා දුන්නා. මෙහි අන්තර්ගතය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, තේරවාදී මෙන්ම මහායාන බුදුදහමේ ද සඳහන් වන ‘වජ්‍රපාණී’ සංකල්පය මෙයට යොදාගත් බවයි. #newsfeed #viralpost #foryoupageシ #SriLankaNews #newseries