Original caption
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සංස්කරණය කරන ලද සීසීටීවී (CCTV) දර්ශන පෙළක් සම්බන්ධයෙන් කොළඹ කිංග්ස්බරි (The Kingsbury) හෝටලයට එරෙහිව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා. එන්තරවාසියේ සඳහන් ප්‍රධාන චෝදනා සහ කරුණු ලෙස, පසුගිය ඔක්තෝබර් 24 වන දින ඔහු අදාළ හෝටලයට පැමිණි අවස්ථාවේ පටිගත කරන ලද සීසීටීවී දර්ශන වෙනස් කර, තමා සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එකම හෝටල් කාමරයකට එකම හෝ ආසන්න වේලාවක ඇතුළු වූ බවට වැරදි වැටහීමක් ඇති වන අයුරින් අන්තර්ජාලයට මුදා හැර ඇති බව සඳහන්. ඒ අනුව, ෆේස්බුක් පිටු සහ යූ ටියුබ් නාලිකා කිහිපයක් එක්ව හෝටලය විසින් මෙම දර්ශන හෝ ස්ථාවර ඡායාරූප නිකුත් කර ඇති බවට එම එන්තරවාසියේ දැක්වෙනවා. හෝටලයේ සතු පාලනය යටතේ පැවති මුල් සීසීටීවී දර්ශන, කිසිදු හෝටලයක පෞද්ගලිකත්ව ප්‍රතිපත්තීන්ට හා තම සේවාදායකයාගේ එකඟතාවයකින් තොරව පිටතට නිකුත් කර තිබීම බරපතල තත්ත්වයක් බවයි සරත් වීරසේකර වෙනුවෙන් එන්තරවාසිය නිකුත් කළ ඔහුගේ නීතිඥ සමාගම පෙන්වා දෙන්නේ. මෙම සිදුවීම හේතුවෙන් තමා දැඩි මානසික පීඩාවකට, කීර්තිනාමයට හානියකට සහ අන්තර්ජාල හිරිහැරවලට ලක්ව ඇති බව පවසන ඔහු, හෝටලය විසින් වගකිවයුත්තන් හඳුනාගෙන, ප්‍රසිද්ධියේ සමාව අයැද, දර්ශන ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. දින 7ක් ඇතුළත මෙම ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත් අපහාස කිරීම, පෞද්ගලිකත්වයට අයුක්ති සහගත ලෙස ඇඟිලි ගැසීම සහ කීර්තිනාමයට හානි කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් අපේක්ෂාවෙන් නඩු පවරන බවත්, පොලිසිය, අන්තර්ජාල ආරක්ෂණ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් එම නීතිමය නොතීසිය මඟින් දැඩිව අවධාරණය කරනවා. #newsfeed #viralpost #foryoupageシ #SriLanka #newsmania