Original caption
ඇයි මේ ෆොටෝ එක විශේෂ? මේ තමා අපේ පුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, බිරිඳ සහ දුව. දැන් තුන්දෙනාම රාගම වෛද්‍ය පීඨයේ අතීත සහ වර්තමාන ප්‍රොඩක්ට්ස්... ලොකු දුව නැගෙනහිර වෛද්‍ය පීඨෙ... පුතා මොරටුව ඉංජිනේරු පීඨෙ... මෙච්චර කල් ලංකාවෙ දේශපාලනය ඇතුළෙ අපිට හුරු තිබ්බෙ හොරකම, ජඩකම සහ ත්රාඩකම දායද විදියට ගියපු සංස්කෘතිය... මේක ටිකක් හුරු නැති දෙයක්. හැබැයි ලස්සනයි!♥️ -- අතුරු කතාවක් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. කෙනෙක්ට කොච්චර මනුෂ්‍යවාදී වෙන්න පුළුවන්ද කියල ඇහුවොත් මගෙ ඔළුවට මුලින්ම එන්නෙ, උඩ කිව්ව වෛද්‍ය විද්‍යාලය එදා රාගම වෛද්‍ය පීඨය කියලා, නිදහස් අධ්‍යාපනය ලබාදෙන තවත් වෛද්‍ය පීඨයක් විදියට ශ්‍රී ලාංකීය දරුවන්ට උරුම කරන්න තම ජීවිත පවා කැප කළ ත්‍රිමා, වෙනුර ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 120 දෙනා. නන්දා මාලිනී කියන "අතු අග පරවී බිමට වැටෙන්නේ - සමනළ යුගයක පිපුණු කුසුම්" තමයි මේ කියල මට ඒ සිංදුව අහන හැම වෙලාවකම හිතෙන්නෙ. අද කාලෙ අපිට අහන්න හම්බෙන විභාග ළං වෙද්දි නෝට් ටික එකතු කරගෙන හොස්ටල් එකෙන් ගෙදර යන බැජ් ටොප් ලා අතරේ, වැඩිම ලකුණු අරගෙන ලංකාවෙ හොඳම වෛද්‍ය පීඨවලට ඇතුළු වෙලා ඉද්දිත්, තමන් කිසිදා නොදුටු මතු පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ... ඉන් බිහි වූ ප්‍රථම වෛද්‍ය කණ්ඩායමේ ශිෂ්‍යයෙක් තමා Dr Jagath Gunawardana. නංගී 38 වෙනි කණ්ඩායමේ. ඉතින් ඒ ජීවක පරපුරේ අනාගත සමාජිකයෙකු වී සිය දහස් ගණනින් ගිලන් වූ ගත් සිත්, නිරෝගී කිරීමට හැකි වේවා...!!!🙌