Original caption
සමහර වෙලාවට කාලය අපිට ගෙනත් දෙන තෑගි කොච්චර වටිනවද කියලා හිතාගන්නවත් බැහැ. 1999 අවුරුද්දේ දවසක මේ ලෝකෙට අලුතෙන් ඇස් ඇරපු පුංචි පැටියෙක්... අම්මගේ බඩෙන් එළියට අරගෙන, ඒ පුංචි ජීවිතේ පලමු හුස්ම තියන්න පාර පෙන්නපු වෛද්‍යවරයාම, අවුරුදු ගාණකට පස්සේ තමන්ගේම වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම ඉදිරියේ ගුරුවරයෙක් විදිහට නැවත මුණගැහෙයි කියලා කවුද හිතුවේ? 🥹 1999 අවුරුද්දේ මගේ අම්මගේ සිසේරියන් සැත්කම කරලා, මාව මේ ලෝකෙට අරන් තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, අද මට උගන්වන මගේම ගුරුතුමා, විශේෂඥ වෛද්‍ය කේ. ඒ. ගුණරත්න මහත්මයාමයි කියලා දැනගත්ත ඒ මොහොත... ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ආඩම්බරයක් වගේම ලොකු හැඟීම්බර මොහොතක්. අවුරුදු 27ක් පරණ ඒ ඩිස්චාර්ජ් කාඩ් එක එයාගේ අත් දෙකට අරගෙන බලද්දී, ඒ මුහුණේ තිබුණු ආදරණීය හිනාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. 🥹 "මම ගත්ත කෙල්ලෙක්නෙහ්..." "ඔයාව මම ගත්ත හින්දා තමයි බෝලෙ වගේ ඉන්නෙ..." ඒ ආදරණීය වචන ටික, ඒ සෙනෙහෙබර හිනාව මගේ හදවතේ හැමදාටම සටහන් වේවි. මාව මේ ලෝකෙට ගෙනෙන්න මුල් වුණු ඒ දෑත් යටතේම, අද දින වෛද්‍ය ශිෂ්‍යාවක ලෙස ශිල්ප හදාරන්න ලැබීම මගේ ජීවිතයේ ලැබූ ලොකුම වාසනාවක්! ජීවිතය ඇත්තටම හරිම පුදුමාකාරයි... අපිට නොසිතන විදිහට ලස්සන මතක එකතු කරනවා. ✨🩺👩⚕️ (වෛද්‍ය ශිෂ්‍ය දැහැමි ජයරත්න) උපුටා ගැනීමකි #MedicalLife #InspirationalStories #DoctorLife #Memories #Grateful