Hook

Their other posts in the index, biggest breakout first.
විශ්වවිද්‍යාල ඩිග්රියකටත් වඩා වටිනා දැනුම් රාශියක් ලබාදෙන යූටියුබ් චැනල්ස් හතරක් ගැනයි අද අපි ඔබට කියන්න යන්නේ. මිලියන ගාණක් ලෝකයේ ජනතාව, ශිෂ්‍යයන් මේ චැනල්ස් බලනවා. ඕගොල්ලෝ තාම බැලුවේ නැත්නම් මේවට ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා ඒකේ තියෙන වීඩියෝස් බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න පස්සේ මේ චැනල්ස් වලට යන විදිය බලාගන්න. පළවෙනි එක තමයි MIT OpenCourseWare. මේක ඇමරිකාවේ MIT නැත්නම් මැසචුසෙට්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි කියන ලෝකයේම තියෙන රැන්කින් සහිත විශ්වවිද්‍යාලයක්. ඒකෙන් විවිධ විෂයන් යටතේ නොමිලේ හොඳම ප්‍රොෆෙසර්ස්ලා ලෝකයේ ඉන්න හොඳම ප්රොෆෙසර්ස්ලාගෙන් ඔයාට දැනුම් සම්භාර රාශියක් ලබාගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් ඕගොල්ලන්ට ඕන නම් බයෝලොජි, ෆිසික්ස්, කෙමිස්ට්‍රි වගේ ඒවා හදාරන්න පුළුවන් නැත්නම් ක්ලයිමේට් සයන්ස් මේ වගේ විෂයන් රාශියක් යටතේ කෝසස් සම්පූර්ණ කෝසස් ඒ විශ්වවිද්‍යාලවල ළමයින්ට උගන්නන අතරේම ඕගොල්ලන්ට රෙකෝඩ් කරලා දාලා තියෙනවා. ඒ නිසා ඒකෙන් දැනුම ලබාගන්න පුළුවන්. දෙවෙනි චැනල් එක ඕගොල්ලෝ ස්ටාර්ටප්ස් එහෙම කරනවා නම් ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් වෙන්න ඕන නම් මගහරින්නේ නැතුව බලන්න ඕන එකක් තමයි Y Combinator කියන චැනල් එක. මේකේ ව්‍යාපාරයක් පටන් ගන්න හැටි ඒක කොහොමද ගෙනියන්නේ කියන තොරතුරු රාශියක් ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ස්ටීව් ජොබ්ස්, ඉලන් මස්ක් වගේ ලෝකේ වෙනස් කරපු ව්‍යාපාරිකයන් රාශියක් මාක් සකර්බර්ග් වගේ අයත් එක්ක ඉන්ටර්වීව් කරලා ව්‍යාපාර පටන් ගන්න සහ ඉදිරියට ගෙනියන ආකාරය ඇමරිකාවේ තියෙන හොඳම ව්‍යාපාරිකයන්ගෙන් ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. පස්සෙනි එක තමයි TED කියන චැනල් එක. ඕගොල්ලෝ දන්නවා TED Talks කියලා තියෙනවා. ඒකේ හුඟක් ලෝකයේම තියෙන වෙනස් කරන තින්කර්ස්ලා වර්ල්ඩ් ලීඩර්ස්ලා වගේ ඒවා ඒකේ කතා කරනවා. පොඩි අය ලොකු අය හැමෝම. ඒකෙන් ඕගොල්ලන්ට හුඟක් දැනුම් සම්භාරයක් ලබාගන්න පුළුවන්. ඇත්තටම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ළඟදී තිබුණා TEDx Sri Jayewardenepura කියලා. ඒ චැනල් එකෙනුත් ඔයාට බලාගන්න පුළුවන්. ඒ TEDx එකේ නම් මහාචාර්ය නීලිකා මලිවිගේ, ඒ වගේම මගේ වීඩියෝ එකකුත් මම කරා ඒකේදී Fostering a startup culture කියලා යුනිවර්සිටිවල කොහොමද ව්‍යවසායකත්වය වර්ධනය කරලා ස්ටාර්ටප්ස් පටන් ගන්නේ කියලා. ඊට අමතරව තවත් ලෙක්චරර්ස්ලා ගණනාවක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශන ඒකේ සඳහන් වෙලා තියෙනවා. හතරවෙනි සහ අවසාන යූටියුබ් චැනල් එක තමයි Crash Course. මේකෙත් ඔයාට විවිධ විෂයන් ගණනාවක් ඔස්සේ සම්පූර්ණ දැනුම ලබාගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ වගේ අලුත් යූටියුබ් චැනල්ස් වලින් ඕගොල්ලන්ට විශාල දැනුමක් ලබාගන්න පුළුවන්. මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න නැවත බලන්න. ඒ වගේම තවත් වීඩියෝ බලන්න අපේ චැනල් එක ෆලෝ කරලා තියාගන්න.