Hook

Their other posts in the index, biggest breakout first.
A/L S3 තියෙනවද? Z-Score මදි කියලා දුක් වෙන්න එපා. විශ්වවිද්‍යාලයට යන්න Z-Score මදි නම් නොමිලේ හදාරන්න පුළුවන් රජයේ විශ්වවිද්‍යාලයකින් හදාරන්න පුළුවන් උපාධි පාඨමාලා ගැනයි අද කියන්න යන්නේ. Biological Science, Physical Science, Arts, Commerce, Technology කරපු ඕනෑම කෙනෙකුට විවිධ පාඨමාලා තියෙනවා. මේ තමයි Ocean University නැත්නම් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය. මේකට ඇතුල් වෙන්න S3ක් තියෙන්න ඕනේ. ඊට අමතරව Aptitude ටෙස්ට් එකකින් සමත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ දෙකම මත තමයි තමා ඔයා මේකට සිලෙක්ට් කරන්නේ. Aptitude ටෙස්ට් එකේ ක්ලාසස් සඳහා අවශ්‍ය නම් පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් වට්ස්ඇප් ගෘප් එකට ජොයින් වෙන්න. යොමාල් වටවල සර්, ලෝ, KDU, NDT වගේ කෝසස් ගණනාවකට ළමයි Aptitude ටෙස්ට් වලට සූදානම් කරන සර් කෙනෙක්. එයාගේ ක්ලාසස් වලට ජොයින් වෙන්න පුළුවන් කැමති නම්. ඩිග්‍රී පාඨමාලා වර්ග කිහිපයක් තියෙනවා. අපේ Student Lanka වෙබ්සයිට් එකේ විස්තර තියෙනවා. නැත්නම් සාගර විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා දැනගන්න පුළුවන්. ෆැකල්ටිස් දෙකක් තියෙනවා. ෆැකල්ටි ඔෆ් ෆිෂරීස් ඇන්ඩ් ඕෂන් සයන්සස් ඔෆර් කරනවා ෆිෂරීස් ඇන්ඩ් මැරීන් සයන්ස්, ඇක්වාකල්චර් ඇන්ඩ් සී ෆුඩ් ටෙක්නොලොජි, මැරීන් බයෝටෙක්නොලොජි කියන ඩිග්‍රී. ෆැකල්ටි ඔෆ් ඉංජිනියරින් ඇන්ඩ් මැනේජ්මන්ට් එකෙන් ඔෆර් කරනවා මැරීන් ඉංජිනියරින්, මැරිටයිම් ට්රාන්ස්පෝටේෂන් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික්, කෝස්ටල් ඇන්ඩ් මැරීන් රිසෝසස් මැනේජ්මන්ට්, මැරිටයිම් ඇෆෙයාර්ස් කියලා. රජයේ විශ්වවිද්‍යාලයක් වගේම නොමිලේ. UGC එකේ පොතට අනුව නෙමෙයි මේවා ගන්නේ. දැන් ඇප්ලයි කරන්න පුළුවන්. ලංකාව වටේම සාගරයනේ තියෙන්නේ. සාගරය පිළිබඳ තියෙන විවිධ පාඨමාලා තමයි මේකේ තියෙන්නේ. මේකේ අවුරුදු හතරේ ඩිග්‍රී ලබා දෙන්නේ. මේ වගේ තවත් ඩිග්‍රීස් පිළිබඳ තොරතුරු බලාගන්න අපේ චැනල්ස් වලට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.