Hook
මම ජීවිතේ කරපු ලොකුම වරද. මම අවුරුදු පහක් තිස්සේ මම සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරලා කරපු ලොකුම වැරැද්ද මොකක්ද දන්නවද? මම කොච්චර අනිත් අයගේ කැම්පේන්ස් කරලා දුන්නත්, ඇඩ්ස් ගහලා දුන්නත්, එයාලගේ බිස්නස් උඩට ගන්න සපෝට් කරත්, මම මම වෙනුවෙන් පේජ් එකක් හදාගෙන තිබ්බේ නැහැ. මම මාව ප්‍රමෝට් කරන්න විදිහක් හොයාගෙන තිබ්බේ නැහැ. මේක මම විතරක් නෙමෙයි සෝෂල් මීඩියාවල වැඩ කරන හුඟක් අය කරන වැරැද්දක්. ඒගොල්ලෝ හැම වෙලේම පෝස්ට් ඩිසයින් කරනවා, වීඩියෝස් හදනවා. ඒ හැමදේම කරන්නේ ක්ලයින්ට්ස්ලා වෙනුවෙන්. හැබැයි ඒගොල්ලෝ වෙනුවෙන් මොකුත් කරගන්නේ නැහැ. අවසානයේ ලොකු කාලයක් ගිහිල්ලා හැරිලා බලනකොට තමයි ඒගොල්ලෝ කරපු වැඩ තියෙනවා. හැබැයි ඒගොල්ලෝ කවුද කියන එක කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඔයත් සෝෂල් මීඩියාවල වැඩ කරන කෙනෙක් නම් මේ වැරැද්ද කරන්න එපා. ඔයාට පුළුවන් ඔයා කරන හැමදේම සෝෂල් මීඩියාවල ශෙයා කරන්න. එතකොට තමයි මිනිස්සු දැනගන්නේ ඔයා කවුද කියන එක. නැත්නම් ඔයාගේ පෝට්ෆෝලියෝ එකවත්, සීවී එකවත් තවදුරටත් මම හිතන්නේ නැහැ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් ඉස්සර තරම්.
More breakout videos from this creator.